බොලිවුඞ් නළු නිළියන්ට දවස ගානේ එක එක උත්සවවලට සහභාගිවෙන්න සිද්ධවෙනවා. මුළු ලෝකයම ඒ ගොල්ලෝ දිහා බලාගෙන ඉන්න නිසා ඒ උත්සවවලට යද්දී සුපිරි තරු විදිහටම හැඩවෙන්න අමතක කරන්නෙත් නෑ. හැබැයි ඔය කවුරු කවුරු අතරත් වැඩිපුරම ලස්සන, ඒ වගේම ගැළපෙන පැෂන් කරන්නේ දීපිකා පාදුකෝන්ලූ. බොලිවුඞ් නිලියන් අතරින් ලෝකයට අලූත් ඒ වගේම වෙනස් ඇඳුම් මෝස්තර හඳුන්වලා දෙන දීපිකා පාදුකෝන් අඳින්න කැමතිම ඇඳුම මොකක්ද කියලා ඇහුවම එයා කිව්වේ සාරිය කියලා.
දීපිකා ගැන කථා කරද්දී කථා නොකරම බැරි තව කෙනෙක් ඉන්නවා. ඒ රන්බීර් කපූර්. කාලයක් ආදරවන්තයෝ වුණ මේ දෙන්නා දැන් හොඳ යාළුවොලූ. හැබැයි යේ ජවානි හේ දීවානි චිත්‍රපටිය නිසා මේ යාලූකම ආපහු දුරදිග යයිද කියලත් පොඩි සැකයක් තියෙනවා. අපි මෙහෙම කිව්වේ රන්බීර් කපූර් ආදරේ ගැන කියපු පුංචි කතාවක් නිසා. රන්බීරුයි දීපිකයි යේ ජවානි හේ දිවානි චිත්‍රපටියේ ප්‍රවර්ධන වැඩසටහන්වලට මේ දවස්වල ලෝකෙ පුරාම යනවා. රන්බීර් කිව්වා වාගේ හිතේ ආදරයක් ඇතිවෙන්න තැනක් වෙලාවක් නෑනේ. ඉතින් ඔය යන එන ගමන් මේ දෙන්නාගේ යාලූකමට මොන මොනවා වෙයිද කියලා කවුද දන්නේ. තිරය ඉදිරියේදී සුපිරි වීරයෙක් වුණත් වෙලාවකට රන්බීර් කපූර් බයගුල්ලෙක්. දීපිකා පාදුකෝන් මෙහෙම කියන්නේ අත්දැකීමෙන්.
Latest News
එල් නිනෝ තත්ත්වයකට මුහුණ දීම ගැන සාකච්ඡාවක්
බස් එකක් විවෘත කරන්න ආපු මාලිමා මන්ත්‍රිනි
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් චාන්දනී සාගරිකා බෝගහවත්ත
ඔන්ලයින් බිස්නස් කර ලක්ෂ ගණනින් වංචා කළ තරුණියක් අත්අඩංගුවට
චීන වෙරළාරක්ෂක බලකායට තායිවානයෙන් විරෝධයක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ කිහිපයක මුහුදු තීරවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
රජයේ ඉඩමක අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි