Business01 June 2013

පේපැල් ගැන මහ බැංකුවේ අවධානය.

විදේශීය රටවල සිට ශ්‍රී ලංකාවට මුදල් එවීම සහ අන්තර්ජාල ගිණුම් සඳහා අඩු පිරිවැයක් සහිත පේපැල් ක්‍රමය හඳුන්වාදීම කෙරෙහි මහ බැංකුවේ අවධානය යොමුව තිබෙනවා. ඒ සඳහා අනුමැතිය ලබාදිය යුත්තේ මහ බැංකුවයි. ශ්‍රී ලංකාවේ සිට විදේශ රටවලට කරන ගෙවීම් සඳහා පේපැල් ක්‍රමය භාවිත කළ හැකි නමුදු ඒ සඳහා මහ බැංකුව මෙතෙක් අවසර ලබාදී නැහැ. අදාළ ගෙවීම් සිදුකිරීමට නම් පේපැල් ගිණුම් මෙරට බැංකු ගිණුම් හා ඒකාබද්ධ කළ යුතුයි. අන්තර්ජාලය පදනම් කරගත් ව්‍යාපාරික කටයුතුවලට අදාළ ගෙවීම් සඳහාද මෙම ක්‍රමය යොදා ගැනෙනවා. ඇමරිකාව, වියට්නාමය වැනි රටවල් ඊ-බේ වැනි වෙබ් අඩවි හරහා අන්තර්ජාතික අලෙවි කටයුතු සිදුකරන අතර පේපැල් ක්‍රමය හඳුන්වාදීම හරහා මෙරට ව්‍යාපාරිකයන්ටද ඒ සඳහා අවස්ථාවක් හිමිවනු ඇති.

Related recommendation
Hiru TV News | Programmes