Business06 June 2013

ආනයනික කිරිපිටිවල ඞී.සී.ඞී. නැහැ.

මෙරට භාවිත කරන ආනයනික කිරිපිටිවල ඞී.සී.ඞී. හෙවත් ඩයිසයින්ඩයමයිඞ් නමැති රසායනිකය අඩංගු නොවන බවට තායිලන්තයේ එස්.ජී.එස් රසායනාගාරය විසින් තහවුරු කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරට ආනයනික කිරිපිටිවල මෙම රසායනිකය අඩංගු බවට පසුගිය දිනවල විවිධ පුවත් පළවීමත් සමඟ ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට තායිලන්තයේ අදාළ රසායනාගාරය වෙත යොමුකළ බවයි. ඒවා පරීක්ෂා කළ එම රසායනාගාරය ඊයේ (05) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සිය වාර්තාව ලබාදීමත් සමඟයි මේ බව තහවුරු වී ඇත්තේ.

Related recommendation
Hiru TV News | Programmes