Business09 June 2013

මහ බැංකුවේ ප්‍රතිපත්තිවලට වෙළඳපොළ ප්‍රතිචාර.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී ගනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට මූල්‍ය වෙළඳපොළ මේ වනවිට ප්‍රතිචාර දක්වමින් සිටිනවා. අදාළ මූල්‍ය ආයතන අපේක්ෂිත සංශෝධන ක්‍රමිකව සිදුකරමින් පවතින බව මහ බැංකුවේ අදහසයි. ඒවා, ප්‍රධාන වානිජ බැංකුවල පොලී අනුපාතික තුළින් දැනටමත් පිළිබිඹු වෙමින් පවතින බව සඳහන්. මූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කිරීම තුළින් ඉදිරියේදී ණය ලබාදීමේ අනුපාතික අඩුවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහසයි.  ඒ අනුව මහ බැංකුවේ දැනට පවත්නා මුදල් ස්ථාවරය එලෙසම පවත්වා ගැනෙන අතර, ප්‍රතිමිලදී ගැනුම් සහ ප්‍රතිවිකුණුම් අනුපාතික සියයට 7 ක් සහ සියයට 9 ක් ලෙස තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති.

Related recommendation
Hiru TV News | Programmes