Sports09 June 2013

චැම්පියන්ස් කුසලානය ශ්‍රී ලංකාවටද?

ලෝක කුසලාන තරඟාවලි දෙකක් ඇතුලූ ප්‍රධාන පෙලේ අයි.සී.සී. ක්‍රිකට් තරඟාවලි 4 කදී දෙවැනි මනාලිය පමණක් වූ ශ්‍රී ලංකාවට මෙවර හෝ චැම්පියන්ස් කුසලාන තරඟාවලිය ජයග්‍රහණය කිරීමට හැකිවනු ඇත්දැයි ක්‍රිකට් විචාරකයන් කුතුහලයෙන් පසුවනවා. ඔවුන් පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාවෙන් මෙවර එංගලන්තයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන තරඟාවලියට සහභාගි වන්නේ ලොව සිටින විශිෂ්ඨතම ක්‍රීඩකයන් පෙළක්. ඔවුන් අතුරෙන් කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන් සහ ලසිත් මාලිංග ශ්‍රී ලංකා පිලට අයි.සී.සී. ශූරතාවක් යළි රැගෙන ඒමේ දැඩි අපේක්ෂාවෙන් පසුවන බවයි ක්‍රික් ඉන්ෆෝ විචාරකයා සඳහන් කළේ.

අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන තරඟවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරඟය කාඩිෆ් හිදී අද පැවැත්වෙනවා. එහිදී ශ්‍රී ලංකාව මුහුණදෙන්නේ එංගලන්තයට එරෙහිව එක්දින තරඟාවලි ජයක් ලබාසිටින නවසීලන්තයටයි. කෙසේ නමුත් ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන්නන්ගෙන් නවසීලන්ත පිතිකරුවන්ට දැඩි අභියෝගයක් එල්ලවනු ඇති බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.

Related recommendation
Hiru TV News | Programmes