Entertainment12 June 2013

ජෝන් ඒබ්‍රහම් ඇඟ ගැන සතුටෙන්.

ගොඩක් නළුවො අතරින් ජෝන් ඒබ්‍රහම් කැපී පෙන්නෙ මහන්සියෙන් හදාගත්ත ඔහුගෙ ඇඟ නිසා. සමහරු කියනවා ඔහුගේ මේ පෙනුම හොලිවුඞ් නළු සිල්වෙස්ටර් ස්ටෙලොන්ට සමානයි කියලා. හැබැයි සිල්වෙස්ටර් නම් කියන්නේ ජෝන් ඔහුගේ ඇඟ තමන්ටත් වඩා හොදට හදාගෙන කියලයි. හොලිවුඩයේ රම්බෝ හැටියට හඳුන්වන මේ සුපිරි නළුවන්ගෙන් ඒ වගේ කථාවක් අහන්න ලැබුණ එක ගැන ජෝන් ඉන්නෙ හරිම සතුටින්. හැමදාමත් තමන්ගෙ හිතේ වීරයෙක් වෙලා ඉන්න සිල්වෙස්ටර් රගපාපු රොකී 4 චිත්‍රපටය නිසාලූ ජෝන් ඒබ්‍රහම් අද නළුවෙක් වෙලා ඉන්නේ. ඒ වගේම අපිට ලැබුණ ආරංචිවල හැටියට සිල්වෙස්ටර් රගපාපු රම්බෝ චිත්‍රපටයේ හින්දි රීමෙක් එකට ගන්න ඉන්නෙත් ජෝන් ඒබ්‍රහම්වලූ.

Related recommendation
Hiru TV News | Programmes