International13 June 2013

පාකිස්තාන හිටපු ජනාධිපති ෆර්වේෂ් මුෂාරෆ් අත්අඩංගුවට.

පාකිස්තාන හිටපු ජනාධිපති ෆර්වේෂ් මුෂාරෆ් අද (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ බලූකිස්තාන ප්‍රාන්තයේ නිදහස වෙනුවෙන් කටයුතු කළ අක්බාර් බුග්ටි 2006 වසරේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. මේ වනවිට බලූකිස්තානයේ ගොවිපලක රඳවාගෙන පාකිස්තාන හිටපු ජනාධිපති ෆර්වේෂ් මුෂාරෆ්ගෙන් එරට ආරක්ෂක අංශ ප්‍රශ්න කරමින් සිටින බවද විදෙස් වාර්තාවල සඳහන්.

Related recommendation
Hiru TV News | Programmes