International14 June 2013

පිලිපීනයේ මගී යාත්‍රාවක් ගිලී 25 ක් අතුරුදන්.



පිලිපීනයේ දුපත් අතර මගීන් ප්‍රවාහනය කෙරෙන යාත්‍රාවක් අද අලූයම් කාලයේ පෙරලී එහි සිටි පුද්ගලයන් 25 දෙනෙකු පමණ අතුරුදන්ව තිබෙනවා. පිලිපීනයේ - බුරියාස් දිවයින් අසලදී අනතුරට ලක් වූ මෙම යාත්‍රාවේ මගීන් සහ කාර්ය මණ්ඩලයේ 60 දෙනෙකු පමණ සිටි බව සඳහන්. ඉන් 34 දෙනෙකු මේ වනවිට බේරා ගෙන ඇති අතර, පිලිපීන නාවික හමුදා යාත්‍රා සහ හෙලිකොප්ටර් යානා මගින් ජීවිතාරක්ෂක මෙහෙයුමක් තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබනවා. දිවි ගලවා ගත් යාත්‍රාවේ නියමුවා ප්‍රකාශ කර ඇත්තේ අනතුරට හේතුව අයහපත් කාලගුණ නොවන බවයි.

Related recommendation
Hiru TV News | Programmes