Sports14 June 2013

සුපිරි ශතකය ගැන කුක් කථා කරයි.



 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම  ඕවල් පිටියේදී එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් ඊයේ ලැබූ ජයග්‍රහණය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස වාර්තා පොතට එක්වන බව එරට මාධ්‍ය පවසනවා. ඊයේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් දැක්වූ දක්ෂතා ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මකභාවයේ අපූරු සංකේතයක් ලෙස හැඳින්විය හැකි බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. මේ අතර, සුපිරි පිතිකරුවෙකු ලබා ගත් සුපිරි ශතකයෙන් තම කණ්ඩායමේ ජයග්‍රාහී බලාපොරොත්තු බිඳ වැටුණු බව එංගලන්ත කණ්ඩායමේ නායක ඇලෙස්ටෙයාර් කුක් පවසනවා. ඊයේ තරඟයේදී කුමාර සංගක්කාර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 134 ක් ලබා ගැනීමට සමත්වුණා. මේ අතර, තරගාවලියේ බී කාණ්ඩය යටතේ තරඟ වදින දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය කාඩිෆ්හිදී පැවැත්වෙනවා. ඉන්දියාව බී කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම මෙම තරඟයෙන් තීරණය වනු ඇති.

Related recommendation
Hiru TV News | Programmes