International14 June 2013

ඇමෙරිකානු මහද්වීපය දෙකඩ කරමින් චීන ඇළක්.



ඇමෙරිකානු මහද්වීපය දෙපස පිහිටි අත්ලාන්තික් සාගරය සහ පැසිෆික් සාගරය යා කරමින් ඇළක් තැනීම සඳහා චීනයට අවසර දීමට නිකරාගුවා රාජ්‍යය තීරණය කර තිබෙනවා. ඒ සඳහා හොංකොං කේන්ද්‍ර කර ගත් චීන සමාගමට වසර 50 ක බදු සහන ද හිමිවනු ඇති පැනමා ඇලට තරඟකාරි අන්දමින් ඉදිකෙරෙන මෙම නෞකා ඇළ මාර්ගය ඉදිකිරීම සඳහා වැය කෙරෙන මුදල ඩොලර් බිලියන 40 ක්. මෙමගින් විශාල පරිසර හානියක් සිදුවන බව සංරක්ෂකයන් ප්‍රකාශ කළ ද නිකරාගුවා ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගා ප්‍රකාශ කළේ එමගින් රට සශ්‍රික වනු ඇති බවයි.

Related recommendation
Hiru TV News | Programmes