International14 June 2013

සිරියානු කැරළිකරුවන්ට ඇමරිකාවෙන් යුධ ආධාර.

සිරියානු කැරළිකරුවන්ට ආයුධ ඇතුළු යුධ ආධාර ලබාදීමට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා අද (14) තීරණය කළා. ඒ, ජනාධිපති බෂාර් අල් අසාද්ගේ හමුදා විසින් රසායනික අවි භාවිතා කළ බව තහවුරුවීමත් සමගයි. සිරියාවේ කැරලිකරුවන්ට එරෙහිව  රසායනික අවි භාවිත කර ඇති බවට ධවල මන්දිරය ඊයේ නිවේදනය කළා. සිරියානු සිවිල් යුද්ධයෙන් සිදුවූ ජීවිත හානි සංඛ්‍යාව මේ වනවිට 93,000 ඉක්මවා ඇති අතර, සියලූ කරුණු සැලකිල්ලට ගෙනයි ජනාධිපති ඔබාමා කැරළිකරුවන්ට යුධ ආධාර ලබාදීමට තීරණය කර ඇත්තේ.

Related recommendation
Hiru TV News | Programmes