ඊයේ (14) පැවැති ඉරාන ජනාධිපතිවරණයේ මූලික ප්‍රතිඵලවලට අනුව මධ්‍යස්ථ ප්‍රතිසංස්කරණවාදී අපේක්ෂක හසාන් රවුහානි ඉදිරියෙන් සිටින බව විදෙස් වාර්තා සදහන් කළා. ඉරාන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 6 දෙනෙකු ඉදිරිපත් වූ අතර ඉන් 5 දෙනෙකුම ඉස්ලාමීය ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනිගේ අනුගාමිකයන්. පසුගිය වසර 8 තුළ ඉරානය පාලනය කළ ජනාධිපති අහමඩිනෙජාඞ් ට මෙවර මැතිවරණයට සහභාගිවීම සඳහා එරට ව්‍යවස්ථාව අනුව අවස්ථාව හිමි වූයේ නැහැ. මෙවර ඉරාන මැතිවරණයෙන් ජය ගනු ඇතැයි අපේක්ෂා කෙරෙන රවුහානි බටහිර රටවල් සමග සබඳතා යළි ගොඩනැගීමට අපේක්ෂා කරන නායකයෙක්. මිලියන 5ක් පමණ ජන්ද ගණන් කිරීමෙන් පසු රවුහානි සියයට 51කට වැඩි ජන්ද ප්‍රතිශතයක් ලබා සිටි බව ඉරාන මාධ්‍ය වාර්තා කළා. ආසන්නතම අපේක්ෂකයා වන ටෙහෙරාන් නගරාධිපති මොහොමඞ් බකීර් ඒ අවස්ථාවේ ලබා සිටියේ සියයට 17ක ජන්ද ප්‍රතිශතයක්. සියයට 50ට වැඩි ප්‍රතිශතය පවත්වාගෙන යාමට හැකි වුවහොත් හසාන් රවුහානිට ජනාධිපතිවරණයේ දෙවන වටයකට මුහුණදීමට සිදුනොවනු ඇති. මේ අතර, රවුහානිගේ ජය ඇමරිකාවේ සිටින ඉරාන ජාතිකයන් දැන් සිටම සමරන බව වාර්තා වුණා. අහමඩිනෙජාඞ් පාලන සමයේ දී ඉරානය සහ බටහිර රටවල් අතර සබඳතා පළුඳු වූ අතර ඉරානයට එරෙහිව සම්බාධක ද ක්‍රියාත්මක වුණා. එහෙත් රවුහානිගේ නායකත්වය යටතේ එරට පැහැදිලි වෙනසක් සිදුවනු ඇතැයි අපේක්ෂිතයි.
Latest News
එල් නිනෝ තත්ත්වයකට මුහුණ දීම ගැන සාකච්ඡාවක්
බස් එකක් විවෘත කරන්න ආපු මාලිමා මන්ත්‍රිනි
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් චාන්දනී සාගරිකා බෝගහවත්ත
ඔන්ලයින් බිස්නස් කර ලක්ෂ ගණනින් වංචා කළ තරුණියක් අත්අඩංගුවට
චීන වෙරළාරක්ෂක බලකායට තායිවානයෙන් විරෝධයක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ කිහිපයක මුහුදු තීරවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
රජයේ ඉඩමක අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි