International15 June 2013

අන්තර් ජාලය බැලූනයෙන්.

පෘථිවියේ අන්තර් ජාල ආවරණ නොමැති කලාපවලට අන්තර් ජාල පහසුකම් සැපයීම සඳහා ගූගල් ආයතනය මගින් මෑත අභ්‍යාවකාශය වෙත බැලූන පෙළක් යැවීම දැන් ආරම්භ කර තිබෙනවා. නවසීලන්තයේ අද (15) උඩු ගුවනට යැවුණු සුපිරි පීඩනයක් සහිත මෙම බැලූන පාලිත මාර්ගයක් ඔස්සේ ලොව වටා ගමන් කෙරෙනු ඇති. එම බැලූනවල ත්‍රීජී අන්තර් ජාල පහසුකම් ලබාදීම සඳහා සංවේදී උපකරණ සවි කර තිබෙනවා. පොළොවේ අන්තර් ජාල ආවරණය රහිත දුෂ්කර ප්‍රදේශවලට මෙමගින් එම පහසුකම් සැපයීමට නියමිතයි.

Related recommendation
Hiru TV News | Programmes