Entertainment16 June 2013

සල්මන් සහ ජැක්ලීන් පෙම්වතුන් වෙන්න යනවලූ.

බොලිවුඩයට එකතු වෙන අලූත්ම ජෝඩුව සල්මන් ඛාන් සහ ජැක්ලීන් ෆර්ඩිනැඞ්ස් මේ දෙන්නා පෙම්වතුන් වෙන්න යන්නේ සජිඞ් නදියද්වාලාගේ කික් චිත්‍රපටයේ. හැබැයි සල්මන් මේ චිත්‍රපටයේ රඟපාන්න නම් සජිඞ්ට සිද්ධවෙනවා එකේ තියෙන සමහර සරාගී දර්ශන ඉවත් කරන්න.

මොකද ප්‍රතිපත්තියක් හැටියට සල්මන් ඛාන් සිපගැනීමේ දර්ශන සහ සරාගි දර්ශනවලට පෙනී ඉන්නැහැනෙ. ඒ නිසා ඔහු සජීඞ්ට කියලා කික් චිත්‍රපටයේ තියෙන ඒ දර්ශන ටික අයින් කරන්න කියලා.

හැබැයි මේ ආරංචිය මුලින්ම පැතිරුණේ නම්, සල්මන් ජැක්ලීන්ව සිපගයන්න කැමති නැති හින්දා කික් චිත්‍රපටය ප්‍රතික්ෂේප කළා කියලයි.

Related recommendation
Hiru TV News | Programmes