International17 June 2013

ඉන්දියාවේ කැබිනට් සංශෝධනයක්.



ඉන්දීය කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. එරට අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ලබන වසරේ පැවැත්වෙන මැතිවරණයට පෙර එය සංශෝධනයට පියවර ගෙන ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. ඒ අනුව අද පස්වරුවේ නව අමාත්‍යවරුන් දෙදෙනෙකු දිවුරුම් දීමට නියමිතයි. ඊට අමතරව තවත් අමාත්‍යවරුන් 8 දෙනෙකු ඉන්දීය කැබිනට් මණ්ඩලයට එක්කිරීමට නියමිතව තිබෙනවා. බොහොමයක් අමාත්‍ය ධුර පුරප්පාඩුව පැවතියේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට අවස්ථාව ලබාදීම සඳහා තනතුරු දැරූ ඇමතිවරුන් ඉන් ඉවත්වීමත් සමගයි. කෙසේ වෙතත් කොංග්‍රස් රජයට 2009 වසරින් පසු ඳුෂණ චෝදනා රැසක් එල්ලවුණා. එම තත්ත්වය අවම කරගැනීම සඳහා කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කර ඇත්තේ.

Related recommendation
Hiru TV News | Programmes