ඉන්දියාවේ සංචාරයක නිරතවන දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් අද ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මුණ ගැසෙනවා. ඉන්දියාව දෙමළ ජාතික සන්ධානයට එහි පැමිණෙන ලෙස ආරධනා කළේ 13 වන සංශෝධනය පිළිබඳව අදහස් හුවමාරුවකටයි. 13 වන සංශෝධනය දුර්වල කිරීමක් ඉන්දියාව අපේක්ෂා නොකරන බව එරට විදේශ අමාත්‍යවරයා මීට පෙර ශ්‍රී ලංකාවට දැනුම්දීමක් කර තිබුණා. දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මෙන්ම එරට විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් හමුවීමට නියමිත බව සඳහන්.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අඩෙක්කලනාදන්, එම්.ඒ. සුමන්දිරන්, පී. සෙල්වරාසා හා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම නියෝජිත පිරිසට ඇතුළත් වනවා. ඔවුන් ඊයේ දිනයේදී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිව් ෂංකර් මෙනන්ද මුණගැසුණා.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං ඊයේ ප්‍රකාශ කර ඇත්තේ මෙරට ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය නුදුරේදීම ප්‍රකාශයට පත්කරන බවයි. 13 වන සංශෝධනය මගින් පළාත්වලට පැවරෙන බලතල කපාහැරීමෙන් සිදුවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳව සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව එය ප්‍රකාශයට පත් කෙරෙනවා. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කරුණු මෙරට දේශපාලන පක්ෂ විසින් තීරණය කළ යුත්තක්. කෙසේ නමුත් 13 වන සංශෝධනයට සිදු කෙරෙන සංශෝධන මගින් සිදුවිය හැකි දෑ පිළිබඳව ඉන්දියාව අවධානයෙන් පසුවනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මේ බව ප්‍රකාශ කර ඇත්තේ තමිල්නාඩුවේ සිය සහයක පක්ෂය වන ඞී.එම්.කේ. පක්ෂ නායක මුත්තුවේල් කරුණානිධි වෙත ලිපියක් යොමු කරමින්.
Latest News
එල් නිනෝ තත්ත්වයකට මුහුණ දීම ගැන සාකච්ඡාවක්
බස් එකක් විවෘත කරන්න ආපු මාලිමා මන්ත්‍රිනි
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් චාන්දනී සාගරිකා බෝගහවත්ත
ඔන්ලයින් බිස්නස් කර ලක්ෂ ගණනින් වංචා කළ තරුණියක් අත්අඩංගුවට
චීන වෙරළාරක්ෂක බලකායට තායිවානයෙන් විරෝධයක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ කිහිපයක මුහුදු තීරවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
රජයේ ඉඩමක අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි