General18 June 2013

උඩුමහලෙන් පැන්න සරසවි සිසුවිය මිය යයි.



කොළඹ විශ්වවිද්‍යාලයේ පස් මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ ශිෂ්‍යාව අද අලූයම මියගොස් තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන ශෂිප්‍රභා ගුණවර්ධන නැමති මෙම ශිෂ්‍යාව ගොඩනැගිල්ලෙන් බිමට පැන සියදිවි හානිකරගැනීමට උත්සාහ කර තිබුණේ ඊයේ පෙරවරුවේදියි. බරපතල තුවාල ලැබූ ඇය පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී මෙම ශිෂ්‍යාවට සැත්කම් දෙකක් සිදුකළ බවයි එහි අධ්‍යක්‍ෂ අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ. ගොඩනැගිල්ලෙන් බිමට පැනීම හේතුවෙන් ලූණුගම්වෙහෙර නව නගරය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන මෙම ශිෂ්‍යාවගේ හිසට සහ උදර ප්‍රදේශයට දැඩි ලෙස හානි සිදුව තිබුණා.

 

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති ඇය තුන් වරක් උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ප්‍රේමකුමාරද සිල්වා පැවසුවේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මුලින්ම ඇතුළත් වී ඇති මෙම ශිෂ්‍යාව පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් වී තිබෙනවා.

 

කෙසේ වෙතත් කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් පවසන්නේ මෙම සරසවි ශිෂ්‍යාව සියදිවි හානිකරගැනීමට කොළඹ විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය වගකිවයුතු බවයි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ එම විශ්වවිද්‍යාලයේ සමස්ත පීඨ ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු නජිත් ඉන්දික.

[MP3]s61224_1[/MP3]
ශිෂ්‍ය සංගම් එල්ල කරන මෙම චෝදනා පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කොළඹ විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වාගෙන් තවදුරටත් විමසීමක් කළා.

[MP3]s61224_2[/MP3]

Related recommendation
Hiru TV News | Programmes