බුදුන් වහන්සේ තුන්වරක් වැඩම කළ අපේ රටේ අම්මාට, සහෝදරියට, බිරිඳට කරුණාවෙන් සලකන්නට මිනිසුන්ට අමුතුවෙන් ඉගැන්විය යුතු නැහැ. එහෙත්, එය පාඩම් පොතට එක්කළ යුතු බව තහවුරු වන කරුණු අනන්තයි.
එවැනි සිද්ධියක් හිරු ප‍්‍රවෘත්ති අංශයට වාර්තා වුණේ මාතලේ – රත්තොට – ඇහැලගස්තැන්න ප‍්‍රදේශයෙන්.
ගැබිණි මවකට දරු ගැබ විනාශ වනතුරු පහර දෙන්නට තියා ඇය දිහා වැරදි හැගීමකින් බලන්නට වත් අම්මා කෙනෙකුගේ කුසකින් ඉපදුණු කෙනෙකුට නොහැකියි.
එහෙත් මෙම ප‍්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි මවකට ඒ අවාසනාවන්ත ඉරණමට මුහුණ දෙන්නට සිදුව තිබුණා. නිතර අඩ දබර කරන සැමියා මීට දින 06 කට පොල්ලකින් පහර දුන්නේ ඇගේ කුසටයි.
අධික ලේ වහනයත් සමග ඇගේ දරු ගැබ පිටතට පැමිණ තිබුණා. කරුණු වසන් කළ සැමියා කලලය තමන් පදිංචි ඉඩමේ කොනක වළ දමා තිබෙනවා. ලේ වහනය හේතුවෙන් ඔහු බිරිඳ ඇතුළත් කළේ රත්තොට මුලික රෝහලටයි. රෝහලෙන් ප‍්‍රතිකාර ලබා නිවසට පැමිණි මෙම කාන්තාවට සැමියා යළිත් පහර දී තිබෙනවා.
අනතුරුවයි ඇය මෙම සිද්ධිය පොලිසියට ප‍්‍රකාශ කර ඇත්තේ. පොලිසියට ලැබුණු පැමිණිල්ලට අනුව මෙම අවාසනාවන්ත සිදුවීමේ තොරතුරු හෙළි වුණා. මෙම කාන්තාව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මාතලේ මහ රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇගේ සැමියා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.









Recent Comments