තමිල්නාඩුවේ ටි්රචි හි නඩුකට්ටුපත්ති ප්‍රදේශයේ අත්හැර දැමූ ගැඹුරු ළිඳකට වැටී දින 3කට පසු මිය ගිය අවුරුදු දෙකක් වයසැති සුජිත් විල්සන් දරුවාගේ අවසන් කටයුතු අද උදෑසන සිදුකෙරුණා.
දරුවාගේ උපන් ගම වූ මලයියාදිපති හි ෆාතිමා පුදුර් සුසාන භූමියේ අද උදෑසන 8ට පමණ එම අවසන් කටයුතු සිදුකෙරුණේ සුජිත් විල්සන්ගේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන්.
කතෝලික ආගමික වතාවත් වලට අනුව එම අවමංගල්‍ය උත්සවය පැවති අතර, සුජිත් විල්සන්ගේ ගම්මානයේ පමණක් නොව අසල්වැසි ගම්මාන රැසක ජනයා සුසාන භූමිය වෙත පැමිණ සිටි බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
පැය 80කට අධික කාලයක් ළිඳ තුළ රැඳී සිටි දරුවාගේ සිරුර නරක් වන තත්ත්වයට පත්වී තිබූ අතර ගොඩගත් වහාම එය කුඩා මිනී පෙට්ටියක බහාලීමට පියවර ගෙන තිබුණා. පසුව එය ඥාතීන් වෙත භාර දී ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුවයි.
දරුවා නිරුපද්‍රිතව බේරා ගැනීම සඳහා ඔහු වැටුණු නළ ළිඳ ආසන්නයේ තවත් ළිඳක් කැණීමට කටයුතු කෙරුණු අතර, දරුවා මිය ගිය බව දැන ගැනීමෙන් පසු එම කටයුතු අද අලූයම 1.20ට පමණ නතර කර තිබෙනවා.
ළිඳේ විශ්කම්භය අඟල් කිහිපයකට සීමා වීම නිසා සිරුර ගොඩ ගැනීම ද දුෂ්කර කටයුත්තක් වූ බවයි බලධාරීන් ප්‍රකාශ කළේ. දරුවා වැටුණු නළ ළිඳ සහ ජීවිතාරක්ෂක මෙහෙයුමේදී කණිනු ලැබූ ළිඳ ද වසා දැමීමේ කටයුතු දැන් ආරම්භ වී තිබෙනවා.

Latest News
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නියාමකයින්ගෙන් පැය 24ක සංකේත වර්ජනයක්
Local
09 June 2026
අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව රීතියක්
Local
09 June 2026
සංවිධානාත්මක අපරාධ කල්ලියක 10ක් අත්අඩංගුවට
Local
09 June 2026
ලෝඩ්ස් සහ ලාහෝර් පිටිවලට ICCයෙන් 'අසතුටුදායක' සහතිකයක්: ලෝඩ්ස් වෙනුවෙන් MCCය සමාව අයදියි
Local
09 June 2026
ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට පැය 14ක ජල කප්පාදුවක්
Local
09 June 2026
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල පහත දමයි
Local
09 June 2026
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්
Local
09 June 2026
තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම පරදා ඉන්දීය 'ඒ' කණ්ඩායමට ලකුණු 8ක තියුණු ජයක්
Local
09 June 2026
මහජන හදිසි අවස්ථා තත්ත්වය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව, වැඩි ඡන්ද 128 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
Local
09 June 2026
සලේගේ බිරිඳ සහ පුත්‍රයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකිති
Local
09 June 2026