චීනය යැවූ චන්ද්‍රිකාව ගැන තායිවානය බියෙන්

Monday, 24 June 2024 - 18:35

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%96+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
චන්ද්‍රිකාවක් රැගත් චීන රොකට්ටුවක් ඉකුත් දා දකුණු තායිවානය හරහා ගමන් කළ බව තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රොකට්ටුවෙන් රටට කිසිදු තර්ජනයක් නොමැති වුව ද එය චීනයේ අත්තනෝමතික ක්‍රියාවක් බවයි එම අමාත්‍යංශය චෝදනා කළේ.

එම රොකට්ටුව චීනයේ සිචුවාන් හි Xichang චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට දේශීය වේලාවෙන් පස්වරු 3ට අභ්‍යවකාශ ගත කරන ලද බවයි තායිවාන මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් තායිවානය ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ, රොකට්ටුව තායිවානය හරහා යන විට පෘථිවි වායුගෝලයෙන් පිටව ගොස් තිබුණු බවයි.

චීනයේ දියත් කිරීම සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර බුද්ධි හා නිරීක්ෂණ පද්ධති හරහා තත්‍ය කාලීන තොරතුරු නිරීක්ෂණය කරමින් සිටි බව ද තායිවානයේ ආරක්ෂක අමාත්‍යංශය පවසා තිබෙනවා.

චීනයෙන් එල්ල විය හැකි ආක්‍රමණයක් පිළිබඳ බියෙන් පසුවන බැවින් තායිවානය චීනයේ කටයුතු පිළිබඳ දැඩි අවධානයෙන් හා බියෙන් සිටින බව ජාත්‍යන්තර විචාරකයන් පවසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories