ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අලුත් හවුලක්

Monday, 24 June 2024 - 19:31

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාව සහ බංගලාදේශය නිදහස්, විවෘත, සුරක්ෂිත සහ නීති මත පදනම් වූ ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා ඔවුන්ගේ කැපවීම නැවත වරක් අවධාරණය කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දු-පැසිෆික් සාගර මුලපිරීමේ ආපදා අවදානම් අවම කිරීමේ සහ කළමනාකරයේ සම නායකත්වයට සහ ආපදා අවදානම් අවම කිරීම සඳහා සහයෝගී වීමට රටවල් දෙක ප්‍රති‍ඥා දී ඇති බවයි.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ දෙදින රාජ්‍ය සංචාරය අතරතුරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග පැවැති ද්විපාර්ශවීය හමුවෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් වන ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

එමෙන් ම දෙරටේ පොදු අවශ්‍යතා, විශේෂයෙන් ගෝලීය දකුණේ අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම සඳහා ගෝලීය වේදිකාවල එක්ව කටයුතු කිරීමට ද රටවල් ද්විතවය දෙක පොරොන්දු වී ඇතැයි සඳහන්.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක නිරත වුණේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනාවකට අනුවයි.

ඒ අනුව නරේන්ද්‍ර මෝදිගේ තුන්වන පදවි ප්‍රාප්තියෙන් අනතුරුව ඉන්දියාවේ සංචාරය කළ පළමු රාජ්‍ය නායිකාව බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරියයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories