හෙට පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් (නිවේදන)

Wednesday, 26 June 2024 - 19:49

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%29
හෙට (27) දින සාමාන්‍ය පරිදි රජයේ සියලු‍ම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් මඟින් පවසනවා.

මේ අතර හෙට (27) දිනයේදීත් ගුරු විදුහල්පතිවරුන් වර්ජනයේ නිරත වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් ප්‍රකාශ කලා.

වැටුප් විෂමතාවලට විසඳුම් ඉල්ලමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති කොළඹ කොටුවේ අද සංවිධාන කළ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වුණේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ද නිකුත් කර තිබූ පසුබිමකයි.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අසනීප නිවාඩු වාර්තා කරමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් සිය විරෝධතා පාගමන ආරම්භ කළ අතර ඒ සදහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් රැසක් එක්ව සිටියා.

එම අවස්ථාවේ කොටුව දුම්රියපොල අසළ පොලිස් ආරක්ෂාවද තර කර තිබූ අතර පොලිසිය, කැරලි මර්දන ඒකකය සහ යුධ හමුදාව කැඳවා තිබෙනු දක්නට ලැබුනා.

කෙසේවෙතත් මෙම විරෝධතාකරුවන්ට ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය හා ගාලු‍ මුවදොර භූමියට ඇතුළු වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක්ද නිකුත් කර තිබුණේ කොටුව සහ කොම්පඤ්ඤවිදීය පොලිසි විසින් සිදුකල ඉල්ලීමකට අනුවයි.

එවන් පසුබිමක කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වු ගුරු - විදුහල්පති නියෝජිතයින් පාගමනින් කොටුව මුදල් අමාත්‍යාංශය දෙසට පැමිණීමට උත්සහ කල අතර එහිදී ආරක්ෂක අංශ මාර්ග බාධක යොදා විරෝධතාකරුවන් වැළැක්වීමට කටයුතු කළා.

කෙසේ වෙතත් ඔවුන් මුදල් අමාත්‍යාංශය දෙසට පැමිණීමට උත්සහ දැරූ අවස්ථාවේ ලෝටස් වටරවුම අසලින් ගාලු‍ මුවදොර දෙසට පිවිසෙන මාර්ගය මාර්ග බාධක යොදා අවහිර කිරීමටයි පොලිසිය පියවර ගනු ලැබුවේ.

මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක්ද හටගෙන තිබුණා.

ඉන් අනතුරුව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් ලෝටස් වටරවුම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර කරමින් විරොධතාවයේ නිරත වුණා.

කෙසේ වෙතත්, එහිදි විරෝධාතාවයේ නිරත වෘත්තිය සමිති සාමාජිකයින් කිහිප දෙනෙකුට මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡාවකට අවසර හිමි වුවද එම සාකච්ජා සාර්ථක වී නැහැ.

ඒ අනුව විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක නොතකා මුදල් අමාත්‍යංශය දෙසට යාමට උත්සහ කිරීමත් සමග පොලිසිය ජල හා කඳුළුගෑස් ප්‍රහාර එල්ල කළා.

පොලිසිය තත්වය පාලනය කිරීමෙන් අනතුරුව විරෝධතාකරුවන් කොළඹ ලෝටස් වටරවුම අසල උද්ඝෝෂණයක නිරතවීමෙන් පසු විසිර ගියා. පසුව ඔවුන් යළිත් ලෝටස් වටරවුම අසලට රැස්වූණා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලින් සඳහන් කළේ දිවයිනේ සියලු‍ම පාසැල්වල ගුරු විදුහල්පතවරුන් අද මෙන්ම හෙට දිනයේදීත් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

මේ අතර ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අසනීප නිවාඩු වාර්තා කරමින් ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පාසල්වල ඉගැන්වීමේ කටයුතු අද සම්පූර්ණයෙන්ම පාහේ අඩාල වී තිබුණා.

ර්ජනය හේතුවෙන් දිස්ත්‍රික්ක රැසක පාසැල් රැසක් අද වසා තිබූනා.

මේ අතර වැටුප් විෂමතා ගැටලු‍ ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද දෙවැනි දිනටත් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වුණා.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහය ද අදත් ක්‍රියාත්මක කෙරුණා.

මේ අතර හෙට සහ අනිද්දා සියලු සේවාවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

No description available.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories