බයිට් පැකැට් එකක් ඇතුලේ මැරුණු කටුස්සෙක්

Wednesday, 26 June 2024 - 21:05

%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%9A%E0%B7%90%E0%B6%A7%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
යාපනයේ පේදුරුතුඩුව සෙල්වචන්නිධි කෝවිලේ මංගල්ලය පැවැත්වෙන සමයේ ඉදි කළ තාවකාලික වෙළද සැලකින් අලෙවි කළ බයිට් පැකැට් එකක් තුළ විශාල කටුස්සෙකු රෝස් වී සිටියදී ඊයේ (25) පාරිභෝගිකයෙකුට හමු වී තිබෙනවා.

වහාම එම පාරිභෝගිකයා අදාල බයිට් පැකැට් එක පේදුරුතුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය වෙත රැගෙන යාමෙන් පසුව නිලධාරීන් පිරිසක් පැමිණ වෙළද සැල අයිතිකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි සඳහන් වන්නේ.

තාවකාලික වෙළද සැල වහාම කෝවිල් භූමියෙන් ඉවත් කොට ඇති අතර අලෙවි කිරීමට තිබූ සෙසු සියලුම බයිට් පැකැට්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අලෙවි සැල පවත්වා ගෙන ගිය පුද්ගලයාගෙන් ලබා ගත් තොරතුරු මත එම බයිට් පැකැට් නිෂ්පාදනය කරන යාපනයේ පිහිටි ස්ථානයද සොයා ගෙන ඇති බවයි.

බයිට් පැකැට් නිපදවන ලද පුද්ගලයාගේ කඩ කාමරයට සීල් තැබීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගෙන ඇති අතර මේ සියලුම දෙනාට එරෙහිව යාපනය අධිකරනයේ නඩුවක් ගොණු කොට ඇති නිසා මේ මස 28 වෙනිදා යාපනය අධිකරණය වෙත පැමිණෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් දැනුම් දී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories