පළමු අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

Thursday, 27 June 2024 - 5:49

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (27) පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරග දෙකෙන් පළමු තරගය වන දකුණු අප්‍රිකා - ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව තරගයක් සඳහා ක්‍රීඩා කරනු ලබන පළමු අවස්ථාව මෙයයි.

ඔවුන් මෙම තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ බංග්ලාදේශය සමග පැවති තරගය ලකුණු 08කින් ජ‍ය ගැනීමත් සමග අවසන් පූර්ව වටය සඳහා දකුණු අප්‍රිකාව සමඟින් තරග වැදීමට සුදුසුකම් ලැබූ අතර, ඔස්ට්‍රේලියාවට එම අවස්ථාව අහිමිව යනු ලැබුවා.

අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6.00ට Brian Lara Stadium, Tarouba, Trinidad හිදී පැවැත්වෙන අතර, මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම එළඹෙන 29 වැනිදා Barbados හිදී පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබනු ඇති.

තවද, මෙම තරගය ජය ගන්නා දකුණු අප්‍රිකාව හෝ ඇෆ්ගනිස්ථානය ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබන පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයක්.

එමෙන්ම, T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගය ලෙස ඉන්දියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම් අතර තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08.00ට Providence Stadium, Guyana හිදී පැවැත්වීමට නියමිතයි.

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන ජූනි 29 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08.00ට Kensington Oval, Bridgetown, Barbados හිදී පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories