පාකිස්ථානයේ මැතිවරණය ගැන අමෙරිකාවෙන් පරීක්ෂණයක්

Thursday, 27 June 2024 - 11:51

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අමෙරිකානු කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පාකිස්ථානයේ, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික යෝජනාවක් සම්මත කර තිබෙනවා.

ඒ අනුව පාකිස්ථානයේ 2024 මැතිවරණයේ දී, දේශපාලන බලපෑම් එල්ල වීම සම්බන්ධයෙන් ඔවුන් රජයෙන් සම්පූර්ණ හා ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා තිබෙනවා.

යෝජනාව සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට 85ක් සහභාගී වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන් සියයට 98ක්ම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරමින් එය සම්මත කර තිබෙනවා.

මේ අතර "ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම" සඳහා පාකිස්ථානය සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස නියෝජිත මන්ත්‍රී මණ්ඩලය අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් ඉල්ලා ඇති බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය පැවසුවේ, 2024 පකිස්ථානයේ මැතිවරණයට ඇඟිලි ගැසීම් හෝ අක්‍රමිකතා පිළිබඳ කිසියම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරිපූර්ණ හා ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටිමින්, නිදහස් හා සාධාරණ මැතිවරණයක වැදගත්කම මෙම යෝජනාව මගින් අවධාරණය කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories