බොලිවියාවේ හමුදා ප්‍රධානී අත්අඩංගුවට

Thursday, 27 June 2024 - 12:24

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බොලිවියාවේ බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කළ එරට හමුදා නායකයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එරට හමුදා නායක ජෙනරාල් ජුවාන් හොසේ සුනිගායි බවයි පැවසෙන්නේ.

එරට ලා පාස් අගනුවර පිහිටි ජනාධිපති මන්දිරයට බොලිවියානු හමුදාව කඩා වැදී තිබුණේ බලයා අල්ලා ගැනීමටයි.

ඉන් පැය කිහිපයකට පසු බොලිවියානු පොලිසිය විසින් කුමන්ත්‍රණය සඳහා උත්සාහ කළ එරට හමුදා නායකයා අත්අඩංගුවට ගත්තා.

එම හමුදාවන් රජයේ ප්‍රධාන ගොඩනැගිලි පිහිටි මුරිලෝ චතුරශ්‍රයේ සන්නද්ධ රථ හා භට පිරිස් රැසක් ස්ථාන ගත කර තිබූ බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් ඔවුන් පසුව ඒවා ඉවත් කරගත් බව වර්තා වුණා.

බොලිවියාවේ ජනාධිපති ලුයිස් ආර්ස් මෙම කුමන්ත්‍රණය දැඩි ලෙස හෙළා දකින බවයි පවසන්නේ.

බොලිවියානු ජනයා බිලිගැනීමේ කුමන්ත්‍රණට යළිත් ඉඩ නොදෙන බවයි එරට රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ජනාධිපතිවරයා පවසා තිබුණේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories