සම්මානනීය නළු Bill Cobbs දිවි ගමනට සමුදෙයි

Thursday, 27 June 2024 - 19:11

%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%93%E0%B6%BA+%E0%B6%B1%E0%B7%85%E0%B7%94+Bill+Cobbs+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Night At The Museum සහ The Bodyguard යන චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වූ ඇමරිකානු නළු Bill Cobbs මිය ගොස් තිබෙනවා.

මිය යන විට ඔහු 90 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

අසනීප තත්ත්වයෙන් පසු වූ ඔහු සිය නිවසේ දී මෙසේ මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

Air Bud, Sunshine State, Get Low, Ghosts of Mississippi, The Hudsucker Proxy, The Color of Money, Demolition Man and I Still Know What You Did Last Summer යන චිත්‍රපට සඳහා ද Bill Cobbs සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා.

එමෙන්ම ඔහු The West Wing, The Sopranos, LA Law, One Tree Hill, NYPD Blue, Six Feet Under, CSI සහ Star Trek යන කථාංග සඳහා ද රංගනයෙන් දායකත්වය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ Bill Cobbs චිත්‍රපට සහ රූපවාහිනී සම්මාන 200ක් පමණ ලබා ගෙන ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories