චීනයේ හිටපු ආරක්ෂක ඇමතිවරු දෙදෙනෙකුට නඩු

Friday, 28 June 2024 - 12:22

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94
චීනයේ කොමියුනිස්ට් පක්ෂය ඊයේ (27) හිටපු ආරක්ෂක අමාත්‍ය ලී ෂැන්ග්ෆු සහ ඔහුගේ පූර්වගාමියා වූ වේ ෆෙන්ග් "බරපතල විනය කඩකිරීම්" සඳහා නෙරපා හරින ලද බව චීන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන ෂින්හුවා වාර්තා කර තිබෙනවා.

විශාල මුදල් ප්‍රමාණයක් අල්ලස් වශයෙන් ලබා ගැනීම මෙන් ම අන් අයට අල්ලස් ලබා දීම පිළිබඳව, ලී සම්බන්ධයෙන් සැක කළ අතර, විමර්ශනයකදී ඔහු "දේශපාලන වගකීම් ඉටු නොකළ" සහ "තමන්ට සහ අනුන්ට පුද්ගල ප්‍රතිලාභ අපේක්ෂා කළ බව" සොයා ගත් බව කොමියුනිස්ට් පක්ෂය උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා පවසනවා.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර ඇත්තේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවයි.

පක්ෂයේ සහ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ලෙස, ලී ෂැන්ග්ෆු සිය ප්‍රථම මෙහෙවර පාවා දී ඇති බවයි පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කර ඇත්තේ.

හමුදා නිලධාරීයෙකු වන ඔහු මධ්‍යම හමුදා කොමිසමේ විශ්වාසය පාවා දුන් බව ද ඔප්පු වී තිබෙනවා.

එමෙන් ම ලී ෂැන්ග්ෆු පක්ෂයේ අරමුණට සහ ජාතික ආරක්ෂාවට විශාල හානියක් කර ඇතැයි ද මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඉකුත් වසරේදී රොයිටර් පුවත් සේවය වාර්තා කළේ චීන හමුදාවේ ප්‍රසම්පාදනයේදී සිදු වූ බවට සැක කෙරෙන දූෂණ සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙමින් පවතින බවයි.

මාස දෙකක කාලයක් අතුරුදහන් වීමෙන් පසු ලී ෂැන්ග්ෆු පසුගිය ඔක්තෝම්බර් මාසයේදී පැහැදිලි කිරීමකින් තොරව ආරක්ෂක ඇමති ධුරයෙන් අභිරහස් ලෙස නෙරපා හරිනු ලැබුවා .

ලී විමර්ශනයට ලක්ව ඇති බව මෙන්ම ඔහුගේ අපරාධවල ස්වභාවය පිළිබඳ තොරතුරු චීනය පැහැදිලිවම තහවුරු කළ පළමු අවස්ථාව මෙයයි.

චීනයේ හමුදාව පසුගිය වසරේ සිට පුළුල් දූෂණ විරෝධී පිරිසිදු කිරීමකට ලක්ව ඇති අතර, PLA ජෙනරාල්වරුන් එකොළොස් දෙනෙකු සහ අභ්‍යවකාශ ආරක්ෂක කර්මාන්ත විධායකයින් සුළු ප්‍රමාණයකුත් ජාතික ව්‍යවස්ථාදායක මණ්ඩලයෙන් මේ දක්වා ඉවත් කර ඇතැයි සඳහන්.

ලී ගේ පූර්වගාමියා වූ වෙයි ෆෙන්ග් ඉකුත් මාර්තු මාසයේ සැලසුම් කළ කැබිනට් සංශෝධනයක දී ඔහු වෙනුවට පත් වූ දා සිට මහජන දර්ශනයෙන් අතුරුදන්ව සිටියා.

ඔහු 2015-17 කාලය තුළ උපායමාර්ගික මහජන විමුක්ති හමුදාවේ (PLA) රොකට් බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කළා.

චීනයේ සාම්ප්‍රදායික සහ න්‍යෂ්ටික මිසයිල අධීක්‍ෂණය කරන ඒකකයේ විශාල සෙලවීමක් ලෙස, හමුදා ප්‍රධානියා ද වන ජනාධිපති ෂී ජින්පින්, පසුගිය ජූලි මාසයේ දී රොකට් බලකායට නව ප්‍රධානියා සහ දේශපාලන කොමසාරිස්වරයෙකු පත් කළා.

පසුගිය සැප්තැම්බරයේ Wei සම්බන්ධයෙන් දියත් කරන ලද පරීක්ෂණයකදී ඔහු අල්ලස් වශයෙන් "විශාල මුදල් සහ වටිනා භාණ්ඩ" ලබාගෙන ඇති බවත්, "පුද්ගල විධිවිධානවලදී අනිසි ප්‍රතිලාභ ලබා ගැනීමට අන් අයට උපකාර කර ඇති බවත්" සොයා ගත් බවයි ෂින්හුවා පුවත් සේවය වාර්තා කරන්නේ.

කෙසේ නමුත් ලී සහ වෙයි පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමේ තීරණ ඊයේ (27) කොමියුනිස්ට් පක්ෂයේ, උත්තරීතර මණ්ඩලය වන හත් දෙනෙකුගෙන් යුත් දේශපාලන මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

මේ අතර දේශපාලන මණ්ඩලය ඔවුන්ගේ නඩු දෙකම හමුදා නඩු පවරන්නන් වෙත මාරු කර තිබෙන බවයි වාර්තා කරන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories