චීන යෝධ පැන්ඩා ගිවිසුම් යළිත්

Friday, 28 June 2024 - 17:40

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%BA%E0%B7%9D%E0%B6%B0+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A
ඔස්ට්‍රියාවේ Tiergarten Schönbrunn සත්වෝද්‍යානය සමග යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා පිළිබඳ නව ගිවිසුමක් අත්සන් කළ බව චීන වනජීවී සංරක්ෂණ සංගමය නිවේදනය කර තිබෙනවා.

මේ තුළින් චීන ජනතාව හා විදේශ ජනතාව අතර පවතින මිත්‍රත්වය තවත් තහවුරු වන බව චීනය පවසනවා.

“Yunchuan” සහ “Xinbao” යන යෝධ පැන්ඩා දෙදෙනෙකු ඇමරිකාවේ San Diego සත්වෝද්‍යානයට බාර දීමෙන් චීන ඇමරිකානු පැන්ඩා සංරක්ෂණ සහයෝගිතාවය නැවත ආරම්භ වූ බව එම සංගමය පවසනවා.

අදාළ සත්වෝද්‍යාන සමග වසර 20 කට අධික කාලයක් තිස්සේ චීනය පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා පවත්වාගෙන යනවා.

මේ අනූව චීන -ඔස්ට්‍රියානු සහ චීන -ඇමරිකානු යෝධ පැන්ඩා සංරක්ෂණය නිසා සතුන්ගේ පැවැත්ම තවදුරටත් තහවුරු වන බවයි පැවසෙන්නේ.

ගෝලීය ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීමට හා චීන ජනතාවගේ ජාත්‍යන්තර මිත්‍රත්වය ශක්තිමත් කිරීමට මෙම පැන්ඩා සංරක්ෂණ සහයෝගිතාව වැදගත් වෙයි.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිං ඊයේ (27) මේ බව පැවසුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories