මැතිවරණය හමුවේ රජයේ දේපළ අවභාවිත කරනවා

Friday, 28 June 2024 - 23:16

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B6%B4%E0%B7%85+%E0%B6%85%E0%B7%80%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
මහ මතිවරණයකට සූදානම් වන මොහොතේ රජය රාජ්‍ය සම්පත් හා බලය බරපතල ලෙස දේශපාලන ව්‍යාපෘතීන් සඳහා භාවිත කරන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

පළාත් පාලන ආයතනවලට ආණ්ඩුකාරවරුන්ගේ නියෝජිතයන් වශයෙන් හිටපු පළාත් පාලන නියෝජිතයන් පත් කරමින් සිටින බවයි ඔහු පවසන්නේ.

දැනටමත් ආණ්ඩුව හා විපක්ෂයේ දේශපාලන පක්ෂ සිය ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාවට ජූලි මස 17 වැනිදායින් පසුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ හැකියි.

එබැවින් මෙම දේශපාලන පත්වීම් සිදු කිරීම නොකල යුතු බවයි රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙන්නේ.

ඉහත පත්කිරීම් දිස්ත්‍රික් ලේකම්වරයා හෝ ප්‍රාදේශීය ලේකම්වරයා හරහා සිදුකරන ලෙසත් සංවර්ධන හා සුබසාධන කටයුතු සිදුකිරීමේදී දේශපාලන නියෝජිතයන්ගේ සහභාගීත්වයකින් තොරව රාජ්‍ය නිලධාරීන් හරහා මැතිවරණ කොමිෂන් සභාවේ චක්‍රලේඛ උපමාන අනූව සිදුකරන්නැයි ඉල්ලා සිටිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories