පාවෙමින් ආ බෝතලයක තිබූ දියර පානය කළ ධීවරයින් තිදෙනෙකු ජීවිතක්ෂයට (වීඩියෝ)

Saturday, 29 June 2024 - 14:41

%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86+%E0%B6%B6%E0%B7%9D%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් පිරිසක් මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබූ කිසියම් ද්‍රාවණයක් මත්පැන් යැයි සිතා පානය කිරීමේ සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව තිදෙනෙකි දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත සඳහන් කළේ, තවත් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.

අම්බලන්තොට, පල්ලිකකුඩාව, වැලිගම, මාතර ප්‍රදේශ වල පදිංචි ධීවරයින් 6 දෙනෙකු ඩෙවෝන් 5 නැමති යාත්‍රාවෙන් පසුගිය 4 වනදා ධීවර කටයුතු සඳහා තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් තිබුණා.

ඔවුන් තංගල්ල වෙරළට නාවික සැතපුම් 350ක දුර දී මුහුදු ජලයේ පාවෙමින් තිබූ බෝතල් කිහිපයක් දැක ඒවා රැගෙන මත්පැන් යැයි සිතා පානය කර ඇති බව සඳහන්.

එම බොතල් වල තිබූ ද්‍රාවන අදාළ යාත්‍රාවේ සිටි ධීවරයින් 6 දෙනාම ඊයේ පස්වරුවේ පානය කර ඇති බවයි වාර්තා වුණේ. පසුව ඇතිවූ සංකූලතා හේතුවෙන් ඔවුන් ඒ බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ දකුණු වෙරළ තීරයේ පිහිටි මධ්‍යස්ථානයකට දැනුම් දීමෙන් අනතුරුව මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු ඉදිරිපත් වුණා.

ඒ අනුව, නාවික හමුදාව දැනුවත් කර එහි වෛද්‍ය අංශයෙන් ප්‍රතිකාර ලබා දීම සඳහා ඒ අවට යාත්‍රා කරමින් සිටි ධීවර යාත්‍රා ද දැනුවත් කර ඔවුන්ගේ සහය ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී සංඥා තාක්ෂණය ඔස්සේ, දැනට අසාධ්‍ය තත්වයේ පසුවන ධීවරයින් බේරා ගැනීම සඳහා කටයුතු කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය කියා සිටියා.

මේ අතර, මෙම යාත්‍රාව කඩිනමින් ගොඩබිමට රැගෙන එන ලෙස ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් ඇතුලු පිරිසක් අද පස්වරුවේ විරෝධතාවක ද නිරත වුණා.

ඒ හේතුවෙන් තංගල්ල මාතර ප්‍රධාන මාර්ගය පල්ලික්කුඩාව ප්‍රදේශයෙන් අවහිර වූ බවයි පොලිසිය කියා සිටියේ.

එහිදී ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට ද පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත්, මේ වන විට අදාළ ධීවර යාත්‍රාව සහ පිරිස ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කර ඇති බවයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories