ලොව විශාලතම නාවික යුද අභ්‍යාසය ඇරඹෙයි

Saturday, 29 June 2024 - 18:39

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලොව විශාලතම නාවික යුද අභ්‍යාසය ලෙස සැලකෙන රිම් ඔෆ් ද පැසිෆික් යුද අභ්‍යාසය ඊයේ (28) ආරම්භ කෙරුණා.

රිම් ඔෆ් ද පැසිෆික් නාවික යුද අභ්‍යාසය සදහා රටවල් 29කින් 25,000කට අධික සංඛ්‍යාවක් සහභාගි වන බවයි වාර්තා වන්නේ.

මෙම යුද අභ්‍යාසය අගෝස්තු මාසය දක්වා මාසයකට අධික කාලයක් පැවැත්වෙනවා.

චීනය හා අමෙරිකාව අතර මතබේදාත්මක ගැටුම් ඉහළ ගොස් ඇති මොහොතක පැසිෆික් කලාපයේ හවායි හිදී මෙම යුද අභ්‍යාසය පැවැත්වීම ද විශේෂත්වයක් වනවා.

දකුණු කොරියාව , ජපානය , ඉන්දියාව , නැගෙනහිර ආසියා රටවල් ,දකුණු ආසියා රටවල් , ලතින් ඇමෙරිකා රටවල් හා යුරෝපා රටවල් රැසක් ද මෙම නාවික යුද අභ්‍යාසයට සහභාගි වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories