ජනාධිපතිවරයෙක් තෝරන ඉරානයේ මැතිවරණය

Saturday, 29 June 2024 - 18:42

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B6%B1+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
හිටපු ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි හෙලිකොප්ටර් අනතුරකින් මිය ගිය පසු නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා ඉරාන ජනතාව ඡන්දය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා අඩු අගයක් ගත් බවයි ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ දක්වා ඡන්ද මිලියන 10.3 කට වඩා ගණන් කර ඇති අතර, ඉන් ඉරානයේ උත්තරීතර නායකයාට ස්ථිරව පක්ෂපාතී වන සයීඩ් ජලිලි ඉදිරියෙන් සිටින බව වාර්තා වනවා.

දැඩි මතධාරී හිටපු න්‍යෂ්ටික සාකච්ඡාකරුවෙකු වන ජාලිලි ඡන්ද මිලියන 4.26 කට වඩා දිනා ගෙන ඇති අතර, ඔහුට යම් අභියෝගයක් එල්ල කළ හැකි බවට මත පළ වූ නීති සම්පාදක මසූඩ් පෙසෙෂ්කියන් මිලියන 4.24 ක් පමණ ඡන්ද ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories