මහරගම පොළ ඉදිරිපිටදී පිහි ඇනුමක් සිදුකළ අයෙක් අත්අඩංගුවට

Sunday, 30 June 2024 - 7:17

%E0%B6%B8%E0%B7%84%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%87%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මහරගම මහජන පොළ ඉදිරිපිට තියුණු ආයුධයකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට උත්සාහ දැරූ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහරගම මහජන පොළ ඉදිරිපිට පදික වේදිකාවේ ප්‍ර‍ධාන පිවිසුම ආසන්නයේ දී ඊයේ (29) දින පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකු හට පිහි ඇනුමක් සිදු කරනු බවට නිරීක්ෂණය වීමත් සමග ක්ෂණිකව ක්‍රියාත්මක වු විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශය විසින් එම පිහි ඇනුම සිදු කරනු ලැබු පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී දැඩි ලෙස තුවාල ලැබු පුද්ගලයා මාර්ගයේ ගමන් කරමින් තිබු ත්‍රිරෝද රථයකට දමා ප්‍ර‍ථිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරු පරීක්‍ෂා කිරිමේදී සැකකරු සන්තකයේ තිබි මත්කරල්, ජංගම දුරකථනයක්, මුදල් පසුම්බියක් හා පිහි ඇනුම සඳහා යොදාගත් පිහියද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු මහරගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු මහරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයකු බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories