මුහුදේ පාවෙන බෝතලයක අඩංගු ද්‍රව්‍ය පානය කිරීමෙන් අසාධ්‍යව සිටි ධීවරයින් දෙදෙනාගෙන් එක් අයෙකු මරුට (Update)

Sunday, 30 June 2024 - 7:49

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%9D%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28Update%29
මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියරයක් මත්පැන් යැයි සිතා පානය කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයෙන් අසාධ්‍ය තත්ත්වයේ සිටි තවත් ධීවරයෙකු ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වුණා.

අසාධ්‍ය තත්ත්වයේ සිටි සෙසු ධීවරයින් දෙදෙනා සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබෙන භාණ්ඩ ප්‍රවාහන නෞකාවට මාරු කළ අතර, ඔවුන්ගෙන් තවත් අයෙකු මිය ගිය බවයි ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව සිද්ධියෙන් මියගිය පිරිස 5ක්.

ඩෙවෝන් 05 නම් බහුදින ධීවර යාත්‍රාව පසුගිය 4 වැනිදා මුහුදු ගොස් තිබුණේ තංගල්ල ධීවර වරායෙන්.

තංගල්ලේ සිට නාවික සැතපුම් 400ක් පමණ දුරින් ධීවර කටයුතුවල නිරත වී සිටි එම ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 6 දෙනෙකු මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබූ ද්‍රාවණයක් මත්පැන් යැයි සිතා පානය කර තිබුණා.

අදාළ ද්‍රාවණය පානය කිරීමෙන් අනතුරුව ඔවුන් 6 දෙනාම රෝගී වී ඇති අතර ඔවුන්ගෙන් අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයින් තිදෙනෙකු ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයින් තිදෙනාගෙන් තවත් අයෙකු ඊයේ රාත්‍රියේදි ජීවිතක්ෂයට පත්ව ඇති බව, නාවික හමුදාව ප්‍රකාශ කළා.

අනෙක් ධීවරයින් දෙදෙනා අද උදෑසන සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වෙත භාර දී ඇති අතර, එම නෞකාව මේ වනවිට හම්බන්තොට වරාය දක්වා යාත්‍රා කරමින් තිබෙනවා.

කෙසේ වෙතත් එම නෞකාවේදී තවත් ධීවරයෙක් ජීවිතක්ෂයට පත් වූ බවයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ.

නාවික හමුදාව පැවසුවේ, විශේෂ වෛද්‍ය කණ්ඩායමකින් සහ උපකරණවලින් සමන්විත ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් විජයබාහු නෞකාවද යාත්‍රාව තිබෙන ස්ථානය දක්වා යමින් සිටින අතර ඔවුන් මේ වන විට රෝගීන් සිටින නෞකාව වෙත ළඟා වෙමින් සිටින බවයි.

සිංගප්පූරු නෞකාවෙන් විජයබාහු නෞකාවට රෝගීන් මාරු කර ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී කඩිනමින් දිවයිනට රැගෙන ඒමට සූදානමින් සිටින බව ද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.

මියගිය ධීවරයින් සිව් දෙනාගේ සිරුරු, තවත් ධීවර නෞකාවක උපකාර මත ඩෙවෝන් 05 බහුදින ධීවර යාත්‍රාවෙන්ම දිවයිනට රැගෙන එමින් තිබෙනවා.

මෙම සිද්ධියෙන් ඊයේ මිය ගියේ පැතුම් දිල්ශාන්, නයන කාන්ත සහ ප්‍රදීප් නිශාන්ත යන අවුරුදු 42ත් 56ත් අතර වයස්වල පසුවන ධීවරයින් පිරිසක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories