ලබන සතියේ ජනපතිගේ බලාපොරොත්තුව (වීඩියෝ)

Sunday, 30 June 2024 - 22:45

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පුද්ගලික බැදුම්කර හිමියන් සමග එකඟතාවකට පැමිණීමට ලබන සතියවන විට හැකිවනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද (30) මාතර කොටුව ක්‍රිඩාංගණයේ පැවති ජන හමුවක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

"අපට නිල වශයෙන් ණය දුන් රටවල් හැර අප විසින් පුද්ගලික අයගෙන් බැදුම්කරවලින් ණය ලබාගෙන තිබෙනවා.

මෙම ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු එම බැදුම්කර හිමියන්ගේ නියෝජිතයන් අප සමඟ සාකච්ඡා කරනවා.

මේ සඳහා මාසයක් වැනි කාලයක් ගත වෙයි කියා මම සිතුවත් මේ වන විට එම කටයුතු සාර්ථකව සිදු වෙනවා.

ඒ නිසා ලබන සතිය වන විට මෙම කටයුතු සාර්ථකව අවසන් කර ගැනීමට හැකි වෙයි කියා අප බලාපොරොත්තු වෙනවා.

ඒ අනුව මේ ගිවිසුම් තුනම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡා කරමු කියා මා රාජ්‍ය මුල්‍ය කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වාට දැනුම් දුන්නා.

දැන් ඒ කරුණු සියල්ලම සඳහන් කිරීමට නොහැකි වුණත් ඉදිරියට ඒ ගැන දීර්ඝ පැහැදිළි කිරීමක් සිදු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. "



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories