ඩොවොන් 05 යාත්‍රාවේ සිට දිවි බේරාගත් ධීවරයා හම්බන්තොට රෝහලට

Monday, 01 July 2024 - 9:08

%E0%B6%A9%E0%B7%9C%E0%B7%80%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+05+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
ඩෙවොන් 05 බහුදින ධීවර යාත්‍රාවේ සිට දිවි බේරාගත් ධීවරයා රැගත් නාවික හමුදාවේ විජයබාහු නෞකාව හම්බන්තොට වරාය වෙත පැමිණ තිබෙනවා.

එම ධීවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මූලික රෝහලට ඇතුළත් කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය සඳහන් කළේ.

අම්බලන්තොට, පල්ලිකුඩාව, බෙලිඅත්ත, මාතර ප්‍රදේශවල පදිංචි ධීවරයින් 6 දෙනෙකු තංගල්ල ධීවර වරායෙන් මුහුදුගොස් තිබුණේ පසුගිය 4 වනදායි.

ඔවුන් තංගල්ල වෙරළට නාවික සැතපුම් 350ක දුරකදී මුහුදු ජලයේ පාවෙමින් තිබූ බෝතලයක් දැක එය රැගෙන මත්පැන් යැයි සිතා පානය කිරීම හේතුවෙන් පස්දෙනෙකු මියගිය අතර, අසාධ්‍ය තත්වයේ පසුවූ තවත් පුද්ගලයෙකු සිංගප්පූරු වෙළඳ නෞකාවකට භාරදීමෙන් අනතුරුව නාවික හමුදාවට අයත විජයබාහු නෞකාවෙන් හම්බන්තොට වරායට ගෙනවිත් තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories