රජයේ විධායක නිලධාරීන්ගේ මාසික දීමනාව ඉහළට

Monday, 01 July 2024 - 20:42

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
අද(01) සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ විධායක නිලධාරින්ට ලබා දෙන මාසික විධායක දීමනාව රුපියල් 10,000 කින් ඉහළ නංවා ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව රුපියල් 15,000 ක් වූ ඔවුන්ගේ දීමනාව රුපියල් 25,000 ක් දක්වා ඉහළ යන බවයි වාර්තා වෙන්නේ.

මෙතෙක් සේවා කාලය මත පද­නම්ව ගෙවන ලද විශේෂ දීම­නාව වෙනු­වට සේවා කාලය නොස­ලකා රුපි­යල් 25,000ක විශේෂ මාසික දීම­නා­වක් ගෙවී­මට පසු­ගිය (24) වැනිදා පැවැති ඇමැති මණ්ඩල රැස්වී­මේදී තීර­ණය කෙරුණා.

ඒ අනුව මෙම දීම­නාව ශ්‍රී ලංකා ඉංජි­නේරු සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සහ ශ්‍රී ලංකා මිනි­න්දෝරු සේවයේ නිල­ධා­රීන්ට ද හිමිවන බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories