සිර දඬුවම් අවම කරන්න AI තුළින් නව සංකල්පයක් (වීඩියෝ)

Tuesday, 02 July 2024 - 21:18

%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+AI+%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
විවිධ වැරදි සඳහා සිර දඩුවම් නියමවූ අපරාධකරුවන්ට ඉතා කෙටි කාලයක් තුළ තම දඩුවම් කාලය ගෙවාදැමිය හැකි නව සංකල්පයක් ලොවට හඳුන්වාදී තිබෙනවා.

චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සහ විද්‍යා සන්නිවේදකයෙකු වන හමේෂ් අල් ගයිලි විසින් ඉදිරිපත් කර ඇති මෙම සංකල්පය හරහා සිරඳඩුවම් ලබන පුද්ගලයින්ගේ මනසට නව කෘතිම මතකයන් එක්කිරීම හරහා කෙටි කාලයක් තුළ ඔවුන් නැවත සමාජගත කළ හැකි බවයි එමගින් පෙන්වා දෙන්නේ.

විවිධ වැරදි සඳහා පුද්ගලයින් සාම්ප්‍රදායිකව සිරගත කිරීම වෙනුවට ඒ සඳහා විකල්ප පිළිවෙතක් ලෙස ඉතා කෙටි කාලයක් තුළ සිය දඩුවම අත්විඳ නැවත සමාජගත කිරීමේ නව සංකල්පයක් බර්ලිනයේ චිත්‍රපට නිෂ්පාදකයෙකු සහ විද්‍යා සන්නිවේදකයෙකු වන හෂේම් අල්-ගයිලි විසින් ඉදිරිපත් කර තිබෙනවා.

Cognify ලෙස හඳුන්වනු ලබන මෙම ක්‍රමවේදය මගින් සිරදඩුවම් ලැබූ පුද්ගලයින් යන්ත්‍රවලට සම්බන්ධකර ඔවුන්ගේ මොළය සඳහා කෘතිම මතකයන් එක්කිරිම සිදුකරනු ලබනවා.

මෙම ප්‍රතිකාරය සඳහා ගතවනු ලබන්නේ මිනිත්තු කිහිපයක් වන අතර ඔවුන් වසර කිහිපයක් සිරගතව සිටියා මෙන් මතකයක් ඔවුන් වෙත කාවැද්දීම සිදුකරන අතර එම ප්‍රතිකාරය හරහා නැවත ඔවුන් සමාජයට මුදාහැරීමට අවස්ථාව උදාවනවා.

මෙහිදී ප්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා වැරදිකරවන් වූ පුද්ගලයින්ට වින්දිතයින්ගේ දෘෂ්ටිකෝණයෙන් සිය අපරාධය අත්විඳිමට බලකළ හැකි අතර, මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට නැවත ප්‍රකෘති තත්ත්වයට පැමිණිමට අවස්ථාව උදාවන බවයි වාර්තා වන්නේ.

පසුතැවීම් වැනි චිත්තවේගී තත්ත්වයන් ස්නායු සම්ප්‍රේෂක සහ හෝමෝන හැසිරවීම ප්‍රේරණය කිරීම Cognify ක්‍රමවේදය මගින් සිදුකරනු ලබනවා.

කෘත්‍රිම මතකයන් සිරකරුවන්ගේ මොළයට සෘජුවම බද්ධ කරමින් කෘත්‍රිම බුද්ධියක් හරහා නව මතකයන් ලබාදීම සිදුකරන අතර මෙමගින් පුද්ගලයින් සිරමැදිරි තුළ රඳවා ගැනීම වළැක්වීම තුළින් සිරමැදිරි තුළ අධිත තදබදය වළක්වා ගත හැකි බව හෂේම් අල්-ගයිලි ප්‍රකාශ කරනු ලබනවා.

මෙම ක්‍රමවේදය මගින් කෘතිම මතකයන් සකස් කර මොළය වෙත ඇතුළත් කිරීම සිදුකරනු ලබන අතර පසුව එම මතකයන් පරිගණයක් හරහා බෙදාගැනීම සිදුකරනවා.
අල්-ගයිලි ඉදිරිපත් කළ මෙම සංකල්පය ආරක්ෂිත හා අඩු පිරිවැයක් මෙන්ම සිරදඩුවම් අඩු කිරීමට භාවි කළ හැකි ක්‍රමවේදයක් වුවත් මේ සඳහා සදාචාරාත්මක ප්‍රමිතීන් හා මනා අධීක්ෂණයක් අවශ්‍ය බවද ඔහු පිළිගනු ලබනවා.

කෙසේවෙතත් අල්-ගයිලිගේ සංකල්පය පිළිබඳව සහ Cognify ක්‍රමවේදය පිළිබඳවද විවේචන එල්ලවන අතර එමගින් මොළ සේදීමේ ක්‍රියාවලියක් සිදුවනු ඇති බවටයි පැවසෙන්නේ.

එමෙන්ම, එවැනි තාක්ෂණ ක්‍රමවේදයක් පාලනය කරන අය පිළීබඳවද දැඩි විශ්වාසයක් පැවතිය යුතු බවයි වාර්තා වන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories