සුපිරි මහල් නිවාස සංකීර්ණයෙන් වැටී දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

Tuesday, 02 July 2024 - 23:12

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොම්පඤ්ඤ වීදියේ පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයකින් වැටී අවුරුදු 15ක් වයසැති දරුවෙකු සහ දැරියක මියගොස් තිබෙනවා.

මහල් 70කින් සමන්විත මෙම නිවාස සංකීර්ණයේ 03 වන මහලේ පිහිටි වායුසමීකරණ යන්ත්‍ර සවිකර ඇති ස්ථානයේ තිබී මොවුන් දෙදෙනාගේ මළ සිරුරු හමුවී ඇත්තේ ඊයේ රාත්‍රියේයි.

සිද්ධියෙන් මියගිය පිරිමි දරුවා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර දැරිය කැළණිය ප්‍රදේශයේ පදිංචිකාරිණියක බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් දෙදෙනා කොළඹ පෞද්ගලික පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.

ඊයේ පාසැල් නිම වී මොවුන් දෙදෙනා අදාළ නිවාස සංකීර්ණයේ පස්වන මහලේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථාන වෙත ගොස් එහිදී පාසැල් ඇදුම් මාරු කර අදාළ බෑග එම මධ්‍යස්ථානය තුළ තබා 67 වන මහලට ගොස් ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක අතර මෙය සියදිවි නසා ගැනීමක් දැයි විමර්ශනය සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories