නාගදීපයට යමින් තිබූ බෝට්ටුවක් පෙරලීමෙන් එක් අයෙකු මරුට

Wednesday, 03 July 2024 - 7:21

%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
යාපනයේ කූරිකඩ්ඩුවාන් සිට නාගදීපය දක්වා භාණ්ඩ රැගෙන යමින් තිබූ බෝට්ටුවක් හදිසියේම පෙරළී යාමෙන් එහි ගමන් ගත් එක් අයෙකු මියගොස් තවත් තුන් දෙනෙකු ඊයේ (02) තුවාල ලබා තිබෙනවා.

භාණ්ඩ පටවා ගෙන ගිය බෝට්ටුව එක්වරම පෙරළී යාමත් සමගම එහි ගමන් ගත් හතර දෙනෙකු මුහුදට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු පැවසුවේ ඉන් තුන් දෙනෙකු පිහිනා ගෙන ගොස් වෙනත් බෝට්ටුවක එල්ලී දිවි ගලවා ගැනීමට සමත් වූවත් එක් අයෙකු මුහුදේ ගිලී අතුරුදන් වී ඇති බවයි.

පසුව ඔහුගේ මල සිරුර හමු වී ඇති අතර පරීක්ෂණ කටයුතු සදහා මල සිරුර පුංගුඩුතිව් රෝහල වෙත බාර දි තිබෙනවා.

අධික සුළං සහිත කාලගුණයක් තිබියදී බෝට්ටුවට බර පටවා ගෙන ප්‍රවාහනය කිරීම නිසා පෙරළී යන්නට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියෙන් තුවාල ලැබූ තුන් දෙනා ද රෝහල් ගත කර ඇති අතර ඌර්කාවතුරේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories