ලොව ප්‍රථම වරට රොබෝවක් සියදිවි නසා ගනී

Wednesday, 03 July 2024 - 7:52

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BB%E0%B7%9C%E0%B6%B6%E0%B7%9D%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
රොබෝවක් ලොව ප්‍රථම වතාවට සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවරයකු මෙලෙස සියදිවි හානි කරගෙන ඇතැයි එරට මාධ්‍ය සඳහන් කළා.

රොබෝවරයා සේවය කළ ගොඩනැගිල්ලේ පළමු සහ දෙවන මහල අතර පඩිපෙළේ වැටී තිබියදී රොබෝවරයාගේ සිරුර සොයාගත් බවයි බලධාරීන් ප්‍රකාශ කළේ.

මෙම රොබෝවරයා පඩිපෙළෙන් පහළට වැටීමට පෙර එකතැන කැරකී ඇති බවත් පසුව පඩිපෙළෙන් පහළට වැටී ඇති බවත් ඔවුන් කියා සිටියා.

සියදිවි හානි කරගත් රොබෝ වෙනුවෙන් ගුමී නගරවාසීන් ශෝකය පළකර ඇති බවත් වැඩිදුර පරීක්ෂණ සඳහා රොබෝවරයාගේ සිරුර නගර බලධාරීන් රැගෙන ගොස් ඇති බවත් කොරියානු මාධ්‍ය වාර්තා කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories