රට රැකියා පෙන්වා මුදල් වංචා කළ හතර දෙනෙකු අත්අඩංගුවට

Wednesday, 03 July 2024 - 13:11

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඩුබායිහි රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 18 ක මුදලක් වංචනිකව ලබා ගත් ගාල්ල ප්‍රදේශයේ පදිංචි තුන්දෙනෙකු මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අද (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරණ, කටුනායක ප්‍රදේශයේ පදිංචි පවුලක සාමාජිකයන්ගේ ඔවුන් මුදල් වංචා කර ඇති බව සදහන්.

ඩුබායිහි රැකියාවක ශ්‍රී ලාංකික කාන්තාවක් විසින් අදාල මුදල ගාල්ල ප්‍රදේශයේ පදිංචි සිය හිතවතියකගේ ගිණුමකට බැර කරවා ගෙන තිබෙනවා.

ඒ අනුව සිදු කළ විමර්ශවලට අනුව ඩුබායි රැකියාවක නිරතව සිටි සැකකාර කාන්තාව දිවයිනට පැමිණි අවස්ථාවේ ඇය චංචනිකව මුදල් බැර කර ගත් ගිණුම හිමි කාන්තාව සහ තවත් පුද්ගලයෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අතර, ඩුබායි හා කටාර් රාජ්‍යවල රැකියා බලා දෙන බව පවසමින් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි තුන්දෙනෙකුගෙන් ලක්ෂ 8 කට අධික මුදලක් වංචා කළ එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවක් ද ඊයේ අත්අඩංගුවට ගැණුනා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories