බයිඩින් නිදහසට කරුණු කියයි

Wednesday, 03 July 2024 - 17:20

%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවති පළමු විවාදය සාර්ථකව මුහුණ දීමට නොහැකි වූයේ ඒවන විට තමන් අධික ලෙස කාර්ය බහුල වී සිටි නිසා බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩින් ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙම විවාදයට පෙර තමන් ප්‍රංශය සහ ඉතාලියේ සංචාරයක නිරතව සිටි අතර ඉන් අනතුරුව ජනාධිපතිවරණය හේතුවෙන් තමන් රට තුළ ඡන්ද ප්‍රචාරයක කටයුතු තුළ නිරතව සිටි බවයි.

එමෙන්ම, මෙම කාරිය බහුලත්වය හේතුවෙන් විවාදයට අවශ්‍ය කරුණු සොයා ගැනීමට ද අපොහොසත් වූ වූ බව ඔහු පිළිගෙන තිබෙනවා.

මෙම විවාදයෙන් ජෝ බයිඩ්න් පසුබෑමත් සමග ඩිමොක්‍රටීස් පක්ෂය තුළින් ඔහුට ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත් වන ලෙස බලපෑම් එල්ල වුණා.

කෙසේ වෙතත්,බයිඩ්න් ප්‍රකාශ කළේ, ඉදිරි විවාද දෙකට සාර්ථකව මුහුණ දීමට බලාපොරොත්තු වන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories