ගාල්ලට ජය

Wednesday, 03 July 2024 - 23:22

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වන තරගය අද (03) Colombo Strikers කණ්ඩායම සහ Galle Marvels කණ්ඩායම මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.

එම තරගයෙන් Galle Marvels ජයග්‍රාහණය කිරීමට සමත් වුණා.

එහිදී තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Colombo Strikers සමත් වූ අතර ඔවුන් පන්දු රැකීමට තීරණය කරනු ලැබුවා.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Galle Marvels කණ්ඩායම පන්දුවාර සියල්ල දැවී ලකුණු 179ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී Niroshan Dickwella පන්දු 18ක දී ලකුණු 50ක්ද, Isuru Udana පන්දු 34ක දී ලකුණු 52ක්ද රැස්කළ අතර, Sahan Arachchige පන්දු 27කදී ලකුණු 35ක් රැස් කළා.

පන්දු යැවීමේදී Colombo Strikers කණ්ඩායම වෙනුවෙන් Shadab Khan කඩුලු 04ක් ද Binura Fernando කඩුලු 03ක් ද දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව, Colombo Strikers කණ්ඩායමට ජයග්‍රාහණය සඳහා ලකුණු 180ක ඉලක්කයක් හඹා යෑමට සිදු වෙනවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Galle Marvels කණ්ඩායමේ දී පළමුව පන්දුවට පහර දුන් Rahmanullah Gurbaz පන්දු 17ක දී ලකුණු 29ක් ලබාගෙන තිබෙනවා.

එමෙන්ම, Glenn Phillips පන්දු 18ක දී ලකුණු 26ක් ලබා ගැනීමටත් Dunith Wellalage පන්දු 26 කදී ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව පන්දු යැවීමේදී Maheesh Theekshana, Sahan Arachchige, Isuru Udana කඩුලු 02ක බැගින් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු වාර අවසානයේ Colombo Strikers ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 172ක් පමණි ඒ අනුව Galle Marvels කණ්ඩායම ලකුණු 07කින් ජයග්‍රාහණය කරනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories