අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් වැටී මියගිය ළමයින් දෙදෙනා ගැන විවෘත තීන්දුවක්

Thursday, 04 July 2024 - 9:19

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
කොම්පඤ්ඤ වීදීයේ පිහිටි අල්ටෙයාර් සුපිරි මහල් නිවාස සංකීර්ණයෙන් වැටී පාසල් සිසුවෙකු සහ සිසුවියක ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයා විසින් විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා.

මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ කොළඹ ජාතික රෝහලේ දී සිදුකළ අතර එහිදීයි මෙලෙස විවෘත තීන්දුවක් ලබා දී ඇත්තේ.

මෙය සිය දිවි හානි කරගැනීමක් බවට පොලිසිය සැක කළත් මෙම මරණ තවමත් අභිරහසක් වන අතර තවදුරටත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

මහල් 70කින් සමන්විත මෙම නිවාස සංකීර්ණයේ 03 වන මහලේ වායුසමීකරණ යන්ත්‍ර සවිකර තිබූ ස්ථානයේ තිබී මොවුන්ගේ මළ සිරුරු සොයා ගැනුණේ පෙරේදා පස්වරුවේයි.

මෙලෙස මියගොස් තිබුණේ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් සහ කැළණිය ප්‍රදේශයේ පදිංචි සිසුවියක් වන අතර මොවුන් 15 හැවිරිදි වියේ පසුවනවා.

කොළඹ ජාත්‍යන්තර පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මොවුන් පෙරේදා පාසැල නිමවී කොම්පඤ්ඤ වීදියේ ස්ටැපල් ප්‍රදේශයේ පිහිටි මහල් 70කින් යුත් අදාල සුපිරි මහල් නිවාස සංකීර්ණය වෙත පැමිණ තිබුණා.

එහි 05 වන මහලේ පිහිටි කාය වර්ධන මධ්‍යස්ථානය වෙත ගොස් ඇති ඔවුන් එම ස්ථානයේදී සිය පාසැල් ඇඳුම් මාරු කර වෙනත් ඇදුම් පැළද 67 වන මහලට පිටව ගොස් ඇති බවයි සී.සී.ටී.වී දර්ශනවල දැක්වෙන්නේ.

පසුව ඔවුන් මහල් නිවාස සංකීර්ණයේ 67 වන මහලට පිටතින් බැසීමට ඇති පඩිපෙළ ගොස් සිය පාවහන් ගලවා මුදල් පසුම්බිය සහ ජංගම දුරකථනද එම ස්ථානයේ තබා තිබෙනවා.

එසේම එම ස්ථානයේ තිබී දුම්වැටි පැකට්ටුවක් සහ හිස් ලියුම් කවරයක් ද පොලිසිය සොයාගෙන තිබුණා.

මෙම සිසුවිය මීට පෙර අවස්ථාවකදීද සියදිවි නසාගැනීමට උත්සහා දරා ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මොවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබූ ඇති බවට මේවන තෙක් කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බවයි පොලිසිය පවසන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories