හලාවතදී සිදු වූ බිහිසුණු අනතුරින් මිය ගිය ගණන ඉහළට (වීඩියෝ)

Thursday, 04 July 2024 - 20:34

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
හලාවත - ඉරට්ටකුලම් ප්‍රදේශයේදී ශ්‍රී ලංගම බස් රථයක් හා ලොරි රථයක් ගැටී සිදු වූ අනතුරෙන් තුවාල ලබා බරපතල තත්ත්වයේ සිටි තවත් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.

මෙම අනතුර හේතුවෙන් ලංගම බස් රථ‍යේ රියදුරා ද ජීවිතක්ෂයට පත් වුණා.

එසේම අසාධ්‍ය තත්වයේ පසුවන තවත් තුන්දෙනෙකු හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනේෂ් කොග්ගල සදහන් කළේ.

ඒ අතර එම රෝහලේම වෛද්‍යවරයෙකු ද සිටිනවා.

කොළඹ සිට හලාවත බලා ධාවනය වූ බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් සමඟ එම අවස්ථාවේ පැවති අධික වර්ෂාව හේතුවෙන් එය පාලනය කරගත නොහැකිව හලාවත සිට කොළඹ දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයේ ගැටීමෙන් අද උදෑසන මෙම අනතුර සිදුවුණා.

එහිදී 28 දෙනෙකු තුවාල ලැබූ අතර, එම පිරිස අතරට කාන්තාවන් 8 දෙනෙකු ද ඇතුළත්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories