අල්ටෙයාර් ඛේදවාචකය ගැන තවත් කරුණු රැසක් එළියට

Thursday, 04 July 2024 - 21:49

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9B%E0%B7%9A%E0%B6%AF%E0%B7%80%E0%B7%8F%E0%B6%A0%E0%B6%9A%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
අල්ටෙයාර් සුපිරි මහල් නිවාස සංකීර්ණයෙන් වැටී මිය ගිය පාසල් සිසුවා සහ සිසුවිය මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා

ඔහු පෙන්වා දෙන්නේ මෙම සිසුවා සහ සිසුවිය අතර ප්‍රශ්නකාරි තත්ත්වයක් තිබූ බවට සී.සී.ටී.වී පරීක්ෂණ වලින් තහවුරු නොවන බැවින් මෙම මරණවලට හේතුව සියදිවි හානිකර ගැනීමක්ද එසේ නැත්නම් මෙය අනතුරක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

කොම්පඤ්ඤ වීදියේ පිහිටි මහල් 70කින් යුත් අල්ටෙයාර් සුපිරි මහල් නිවාස සංකීර්ණයේ 67වන මහලින් වැටී අවුරුදු 15ක් වයසැති දරුවෙක් සහ දැරියක් ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය 02 වැනිදා රාත්‍රියේයි.

එම දරුවන්ගේ මළ සිරුරු මහල් නිවාස සංකීර්ණයේ 03 වැනි මහලේ වායුසමීකරණ යන්ත්‍ර සවිකර තිබූ ස්ථානයේ තිබී සොයා ගැනුණා.

සිසුන් දෙදෙනාගේ පවුල් දෙක කලක පටන් සමීප සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති අතර මෙම සිසුවා සහ සිසුවිය අතර ද සමීප මිත්‍රත්වයක් පැවැති බවටයි මෙතෙක් සිදුකළ පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම අදාළ සිසුවිය උස් ස්ථාවල සිට ඡායාරූප ගැනීමට දැඩි කැමැත්තක් දැක්වූ අයෙකු වන අතර ඇගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී එවන් ඡායාරූප කිහිපයක් ද සොයා ගෙන තිබෙනවා.

ඒ අනුව එලෙස ඡායාරූප ගැනීමට යාමේදී ඔවුන් දෙදෙනාම මහල් නිවාස සංකීර්ණයේ 67 මහලෙන් බිමට වැටී ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

මෙම අනතුර සිදු වීමට පෙර සිසුවා සහ සිසුවිය අතර බහින්බස් වීමක් ඇති වී ඇති බවට ද පොලිසිය සැක පළකරනවා.

ජීවිතක්ෂයට පත් වූ සිසුන්ගේ පන්තියේ ඉගෙනුම ලැබූ වෙනත් සිසුවෙකු අල්ටෙයාර් සුපිරි මහල් නිවාස සංකීර්ණයට ඇතුලු වීම සඳහා මෙම සිසුන්ට උපකාර කර ඇති අතර ඔවුන් මෙම මහල් නිවාස සංකීර්ණයට පැමිණෙන බවට ඔවුන්ගේ මව්පියන් දැනුවත් කර නොමැති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සිය දියණිය නිවසට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් ඇගේ පියා ජීවිතක්ෂයට පත් වූ සිසුවාට දුරකථන ඇමතුමක් ලබා දී තිබූ අතර එහිදි ඔහු පවසා ඇත්තේ සිසුවිය තමන් සමග නොමැති බවයි.

කෙසේ වෙතත් සිසුවිය නිවසට නොපැමිණීම සමබන්ධයෙන් පොලිසියට දැනුවත් කරන බව සිසුවියගේ පියා සිසුවාට පැවසීම හේතුවෙන් ඇති වූ බියක් නිසා මොවුන් දෙදෙන 67වන මහලෙන් බිමට පැන්නේද යන්න සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

වැඩිදුර විමර්ශන සදහා සිසුන් දෙදෙනාගේ දුරකථන පොලිස් භාරයට ගෙන ඇති අතර ඔවුන්ගේ මෘත දේහ ඥාතීන් වෙත භාර දී තිබෙනවා


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories