දයා ගැන මෛත්‍රී කියූ අපූරු කතාව

Thursday, 04 July 2024 - 22:11

%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%96+%E0%B6%85%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
දයාසිරි ජයසේකර වැඩ භාරගන්නා අවස්ථාවට තමා සහභාගීවන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අද (04) දින මෙම ප්‍රකාශය සිදුකළා.

තමාට දයාසිරිගේ වැඩ භාරගැනීමට ආරාධනා කර නොමැති වුවත්, ඊට තමාට සහභාගී වීමේ හැකියාවක් පවතින බවත් මෛත්‍රිපාල එහිදී සඳහන් කළා.

එමෙන්ම, දයාසිරි ජයසේකරට ලැබුණු අධිකරණ තීන්දුව පිළිබඳව තබා බොහෝම සතුටුවන බවත්, ඉදිරියේදී එකට එකතු වී වැඩකළ හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories