
පොසොන් පොහොය ශ්‍රී ලාංකික අපට සුවිශේෂී වු සිදුවීම් සමුදායක් සිදු වූ වැදගත් දිනයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
පොසොන් දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසනවා. ථෙරවාද බෞද්ධ දර්ශනයේ හා සම්ප්රදායේ කේන්ද්‍රස්ථානයක් බවට අපේ රට පත් වීමේ ආරම්භය සනිටුහන් වූයේ අනුබුදු මිහිදු හිමියන්ගේ ලංකාගමනය සිදු වු ඒ අසිරිමත් පොසොන් පොහොය දිනයේදී.
බුදු දහම හා බැඳුණු ජීවන රටාවකට මඟ පාදමින් සාරධර්මවලින් පොහොසත් ජන සමාජයක් බිහි වීමට එය හේතු වූ බවයි ජනපතිවරයා පවසන්නේ.
එමෙන්ම සමාජ පරිවර්තනයක් සමඟ අධ්‍යාත්මික ප්රබෝධයක් ජනිත කිරීමට හේතු වූ එම අසිරිමත් සිදුවීම හුදු ආගමික අර්ථයෙන් ඔබ්බට ගිය අප රටෙහි සංස්කෘතික, සමාජයීය හා දේශපාලනික ආදී සෑම අංශයකම වඩා දියුණු සැකැස්මක් නිර්මාණය කිරීමට සමත් වූ බවද පෙන්වා දෙනවා.
එසේම, තිස්ස නිරිඳු අතින් දුනු හී ගිලිහීමෙන් සංකේතවත් වන්නේ පාලකයා සහ ජනතාව හිංසාව ඉවත ලා අවිහිංසාව වැළඳ ගැනීමයි.
පොසොන් පොහොය දිනයෙන් ප්‍රකට කෙරෙන වටිනාකම් තුළ ඉස්මතු කර දැක්විය යුතු මහඟු ගුණාංගයක් වන්නේ අවිහිංසාවයි.
විශේෂයෙන්ම මුළුමහත් ලෝකයම විවිධ මට්ටම්වලින් හිංසාවෙන් පීඩාවට පත්ව සිටින වත්මනෙහි අවිහිංසාව යනු තමන්ගේද, අනෙකාගේද ජීවන නිදහස හා අයිතිය සුරක්ෂිත කරන සනාතන වටිනාකමක් ලෙස සියලු හදවත්හි රඳවා ගත යුතු හැසිරීමක් බවත් එබැවින් පොසොන් පොහොය දිනයෙන් මූර්තිමත් වන අවිහිංසාවෙහි අගය වඩාත්ම දැනෙනුයේ අදට බවද පෙන්වා දෙනවා.
අනුබුදු මිහිදු හිමියන් මෙරටට දායාද කළ උතුම් බුදු දහමේ තැනෙක “සරු දෙය සරු ලෙසත්, නිසරු දෙය නිසරු ලෙසත්” දැකිය යුතු බව කියවේ.
අවශ්‍ය වන්නේ එම චින්තනය දරාගත් ශිෂ්ටසම්පන්න සහ වගකීම් සහගත මිනිසුන් බවත් එම සමාජය නැවත ලක් පොළොව මත ප්‍රතිෂ්ඨාපනය කරමින් රටට ඇවැසි ආචාරධාර්මික, සමාජයීය සහ පාරිසරික වශයෙන් නව ආකල්ප සහිත නූතන ශිෂ්ටසම්පන්න රාජ්‍යය ගොඩනැඟීමේ පරම වගකීම අප දෙවුර මත පැට වී තිබෙන බවයි ජනපතිවරයා පවසන්නේ.
අප ප්‍රාර්ථනා කරන සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනය යථාර්ථයක් කර ගත හැක්කේ එම ශිෂ්ටසම්පන්න සමාජය ගොඩනැඟීමෙන් පමණක් බව තරයේ විශ්වාස කරන බවත් එම සාමුහික ප්රයත්නය වෙනුවෙන් සියලුදෙනා එකාවන්ව පෙළ ගැසෙමු’යි මෙම පොසොන් පොහොය දිනයේදී ඔබ සියලුදෙනාට ආරාධනා කරන බවද ජනපති අනුර කුමාර දිසානායක පවසනවා.
මේ අතර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ද පොසොන් පොහොය දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ ගමන් කළ සදහම් මඟ පිළිබඳ යළි යළිත් සිතමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවෙන් අපගේ ජීවිත වෙත ආලෝකය සහ ශාන්තිය ළඟා කරගනීම සඳහා කටයුතු කිරීම ඉතා වැදගත් බවයි.
පොසොන් පොහොය මෙරට ජනතාවගේ ආගමික, සංස්කෘතික, හා සමාජීය මෙන්ම ආර්ථික තත්ත්වයන් සුවිශේෂ පුනරුදයක් කරා ගෙන යන්නට මග පෑදු දිනයක් බවද අග්‍රාමාත්‍යවරිය පවසනවා.
Latest News
දකුණු කොරියාවේ අයහපත් කාලගුණයෙන් 4ක් මරුට
Local
19 July 2025

අයහපත් කාලගුණය ගැන අවධානයෙන් සිටින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
Local
19 July 2025

විදුලිය විසන්ධි වුණොත් හැටන් ස්ටේෂම රෑට අඳුරේ
Local
19 July 2025

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික 'ගල් ඉබ්බා' අත්අඩංගුවට
Local
19 July 2025

අධික සුළං තත්ත්වය නිසා ගසක අත්තක් කඩා වැටී පුද්ගලයෙකු මරුට
Local
19 July 2025

මහ බැංකු රෙගුලාසි විද්‍යුත් වාහන ආනයනයට සහ මිලදී ගැනීමට බලපෑමක් - ආර්ථික විශේෂඥයින්
Local
19 July 2025

Coldplay ප්‍රසංගයේ සිදුවීමත් සමග Astronomer ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා අනිවාර්ය නිවාඩු යවයි
Local
19 July 2025

තද සුළං 25 වනදා දක්වා
Local
19 July 2025

බ්‍රසීල හිටපු ජනපති පලා යාම වැළැක්වීමට පාදයේ පළදනාවක්
Local
19 July 2025

ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීමෙන් වළකින ලෙස ඉල්ලීමක්
Local
19 July 2025
